කේරළයේ කඳු බෑවුමක සිරවී සිටි තරුණයෙක් පැය 48ක මෙහෙයුමකින් බේරාගත් හැටි (PHOTOS)

කේරළයේ කඳු බෑවුමක සිරවී සිටි තරුණයෙක් පැය 48ක මෙහෙයුමකින් බේරාගත් හැටි (PHOTOS)

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කඳු බෑවුමක පැය 48කට ආසන්න කාලයක් ආහාර සහ ජලය නොමැතිව අතරමංව සිටි තුවාල ලැබූ කඳු නගින්නෙක් ඉන්දීය හමුදාව විසින් බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

23 හැවිරිදි ආර් බාබු නැමැත්තෙක් මිතුරන් තිදෙනෙකු සමඟ පා ගමනක යෙදී සිටියදී ලිස්සා ගොස් කුහරයකට වැටී ඇති බවයි පැවසෙන්නේ.

ගලවා ගැනීමේ කණ්ඩායම් තුනක් මීට පෙර ඔහු වෙත ළඟා වීමට දැරූ උත්සාහයන් අසාර්ථක වී ඇති අතර අවසානයේ ඉන්දීය හමුදාව ඔහුව සම්බන්ධ කර ගෙන තිබෙනවා.

පසුව ගලවා ගැනීමේ මෙහෙයුම සිදු කළ හමුදා නිලධාරීන් ආර් බාබු අසලට පැමිණ ඔහුට ජලය සහ ආහාර ලබා දී තිබෙනවා.

කේරලයේ පලක්කාඩ් දිස්ත්‍රික්කයේ  කුරුම්බාචි කඳුකරය  අධික බෑවුම් සහිත භූමි ප්‍රදේශයක් බවයි පැවසෙන්නේ

එමෙන්ම ප්‍රාන්තයේ වන දෙපාර්තමේන්තුව කඳු නැගීමේ අවදානම පිළිබඳව කඳු නගින්නන්ට කලින් අනතුරු අඟවා තිබෙන බවද සඳහන්.

පසුගිය සඳුදා දින බාබු  වැටීමෙන් පල්ලමෙහි සිර වූ විට ඔහුට එහි අසුන් ගැනීමට ප්‍රමාණවත් ඉඩක් පමණක් තිබී තිබෙනවා.

ඔහුගේ මිතුරන් පොලු සහ ලණු යොදා ඔහුව ඉහළට ඇද ගැනීමට අපොහොසත්වීමෙන් පසු පොලිසියට දැනුම් දීම සඳහා කන්දෙන් බැස ගොස් තිබෙන අතර බාබු විසින්  ඔහුව සොයා ගැනීමට ඔවුන්ට එම ස්ථානයේ ඡායාරූප සහ සෙල්ෆි යවා තිබෙන බවයි පැවසෙන්නේ.

 

Share This