
කේරළ ගංජා කිලෝ 196 ක් සමග ප්රමුඛ මත්ද්‍රව්‍ය ජාවාරමෙක් දොම්පෙන් අල්ලයි
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව දොම්පේ පොලිස් වසමේ නිවසක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 196 සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ මේ සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බවයි.
මෙම පුද්ගලයා කලක පටන් මෙම ජාවරම සිදුකරගෙන ගොස් ඇති අතර ඔහු ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ආධාර කරුවකු බවද සඳහන්.
වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරු දොම්පේ පොලීසියට බාර දී තිබෙනවා.
