කොංගෝවේ කර්නල්වරයෙකුට මරණ දණ්ඩනය

කොංගෝවේ කර්නල්වරයෙකුට මරණ දණ්ඩනය

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගෝස්තු මාසයේදී පෙලපාලිකරුවන් 50කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් හමුදා කර්නල්වරයෙකුට මරණ දණ්ඩනය පනවා තිබෙනවා

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එරෙහිව තහනම් විරෝධතාවයකට සහභාගී වූ ආගමික නිකායක සාමාජිකයින්ට නැගෙනහිර ගෝමා නගරයේ දී වෙඩි තබනු ලැබු බව මිට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

ඒ අනුව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් කර්නල් Mikombeට චෝදනා එල්ල වුණා

සෙසු නිලධාරීන් තිදෙනෙකුවද හමුදා අධිකරණයක් විසින් වරදකරුවන් කර වසර 10 ක සිර දඬුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කර්නල් Mikombeගේ නීතීඥයින් පවසා ඇත්තේ අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

ඩීආර් කොංගෝවේ මරණීය දණ්ඩනය බොහෝ විට ලබා දෙන නමුත් එය ක්‍රියාත්මක කර වසර 20 කට වැඩි කාලයක් ගත වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This