කොංගෝ ජනරජයේ අගනුවර ගංවතුරෙන් මියගිය ගණන තවත් ඉහළට

කොංගෝ ජනරජයේ අගනුවර ගංවතුරෙන් මියගිය ගණන තවත් ඉහළට

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අගනුවර ඇතිවූ ගංවතුරෙන් මිය ගිය තවත් පුද්ගලයින් 11 දෙනෙකු සහන සේවකයින් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නායයෑම්වලට ලක්වූ කඳුකර ප්‍රදේශවල බොහෝ නිවාස ඉදිකර තිබුණු අතර නගරයේ උතුරු මොන්ට්-න්ගෆුලා දිස්ත්‍රික්කයේදී මෙම සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

නිවාස 30,000 කට ආසන්න සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවත් , නායයෑම්වලින් නිවාස 280 ක් පමණ ගසාගෙන ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එක්සත් ජනපද-අප්‍රිකා සමුළුවට සහභාගී වීම සඳහා ගොස් සිටින එරට ජනාධිපති ෆීලික්ස් ෂිසෙකේඩි අද (15) වොෂින්ටනයේ සිට ආපසු පැමිණීමට නියමිත බවද සඳහන් වනවා

නිල මරණ සංඛ්‍යාව 120 ක් ලෙස වාර්තා වන නමුත් නමුත් රාජ්‍ය නොවන කණ්ඩායම් පවසන්නේ 140 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි

 

Share This