කොංගෝ රාජ්‍යයේ වසංගත රෝග ව්‍යාප්තියක්

කොංගෝ රාජ්‍යයේ වසංගත රෝග ව්‍යාප්තියක්

කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින හඳුනානොගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රෝගීන් 431 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර දින කිහිපයක් තුළ එම රෝග තත්ත්වය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ උණ, වේදනාව, වමනය සහ පාචනය ඇතුළු රෝග ලක්ෂණ මෙහිදී පෙන්නුම් කරන අතර රෝගී වී පැය 48ක් තුළ රෝගීන් මියයාමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.

Share This