
කොකේන් කිලෝ 10ක් සමග ඉතාලි ජාතිකයෙක් කටුනායකදී කොටු
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී අද (30) අලුයම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබෙනවා
එහිදී එම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙක් වනවා
සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණා