
කොටහේන දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි සටහන් කර ගනී
කොටහේන ප්‍රදේශයේ දැරියක සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළ මරණ පරීක්ෂණය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වා තිබෙනවා.
කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ එහි සියලුම සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර කොටහේන පොලීසියේ මෙහෙයවීම යටතේයි එම සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණේ.
එහිදී මුලින්ම මියගිය දැරිය පදිංචිව සිටි මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙනවා.
ඉන් අනතුරුව මිය ගිය දැරියගේ මවගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ බව සඳහන්.
වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 22 වැනිදා දක්වා කල් තැබු වැඩබලන මහෙස්ත්‍රාත්වරයා එදින දැරියගේ මවගෙන් වැඩිදුරටත් සාක්ෂි සටහන් කර ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.