කොට්ටාවේ ගරාජයක තිබූ මෝටර් රථය හිටපු ඇමති ජොන්ස්ටන්ගේද?

කොට්ටාවේ ගරාජයක තිබූ මෝටර් රථය හිටපු ඇමති ජොන්ස්ටන්ගේද?

කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබීයදී හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රියදුරෙකු බව කියන පුද්ගලයෙකු විසින් රැගෙනවිත් තිබූ මෝටර් රථයක් නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හිටපු අමාත්‍යවරයාගේ රියදුරෙකු බව කියන පුද්ගලයෙකු විසින් එම ගරාජයට අදාළ මෝටර් රථය රැගෙන විත් ඇති බවයි

එම මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේ එහි ලියාපදිංචි අංක තහඩුව සහ හිමිකාරිත්වය සම්බන්ධ ලිපි ලේඛන තිබී නොමැති බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් වැඩිදුර විමර්ශන සඳහා මෝටර් රථය කොට්ටාව පොලීසිය වෙත භාර දී තිබෙනවා

 

Share This