
කොට්ටාවේ තරුණියක් ගින්නකට හසු වී සැක කටයුතු ලෙස මියයයි
කොට්ටාව රුක්මල්ගම පාරේ විහාර මාවතේ නිවසක තනිව සිටි තරුණියක් සිරුරට ගිනි ඇවිලී සැක කටයුතු ලෙස මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසනවා.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ ප්‍රදම්මණී ටුරංජා නම් 19 හැවිරිදි අවිවාහක තරුණියකි.
පොලීසිය පැවසුවේ ඇයගේ සිරුර මුළුමණින්ම පිලිස්සි නිවසේ දේපළවලට සහ වහලයට ද අලාභානි සිදුවී ඇති බවයි.
මියගිය තරුණිය ඇතුළු පවුලේ සිව් දෙනකු එම නිවසේ මාස අටක පමණ කාලයක සිට කුලී පදනම මත පදිංචිව සිට ඇති බවත් ඉන් තිදෙනකු ඊයේ (12) රාත්‍රී වෙසක් සිරි නැරඹීම සඳහා නිවසින් පිටව ගොස් සිටි අවස්ථාවේදී ඇය මෙලෙස ගිනිගෙන දැවී මිය ගොස් ඇතැයි සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය ප්‍රකාශ කළා.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුර ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පැමිණ ගින්න නිවා දමා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ගින්නට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නොමැති අතර නුගේගොඩ අපරාධ ස්ථානයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වයි.