කොටි ඩයස්පොරා බොරුව පුපුරන සාක්කි එළියට
එල්. ටී.ටී. ඊ සංවිධානයේ කෲරත්වය එළිදක්වන මෙතෙක් නොදුටු සත්‍ය දර්ශන රැගත් වීඩියෝ වාර්තා වැඩසටහනක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා.
ලෝකයේ වර්තමාන පරපුර නොදත් නොදුටු මිලේච්ඡ ත්රස්තවාදයේ සැබෑ මුහුණුවර එමගින් ලෝකයට හෙළිදරව් වනවා.
මෙම වාර්තා වැඩසටහන ඇතුළත් සියලු දර්ශන එල්. ටී.ටී. ඊ සංවිධානය සතුව තිබී හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කල බවට චෝදනා කරන බටහිර ලෝකයට ඇඩෙලා බාලසිංහම් නමැති බටහිර කාන්තාව ශ්‍රී ලංකාවේ උතුරේදී කුඩා දරුවන්ගේ ගෙලෙහි සයනයිඩ් කරල් පළඳවන අන්දමද මෙහි දර්ශනය වනවා.
එමෙන්ම දරුවන් පමණක් නොවේ සුරතල් සතුන් , බල්ලන්, එළුවන් වෙඩි පුහුණුව සඳහා බිලි දෙන ආකාරයත් , බෝම්බ බැඳ පුපුරවා හරින අන්දමත් මේ දර්ශනවල සටහන් වී තිබෙනවා.
ඒවා මීට පෙර හෙළි නොවූ ඒවායි.
උපුටා ගැනීම- මව්බිම පුවත්පත