කොදෙව්වන් පැරදූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය

කොදෙව්වන් පැරදූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ජය

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 195ක් පමණයි

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 34යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළා

තරගයේ ලකුණු සටහන පහතින්

Share This