කොන්ක්‍රීට් යට සිරවී මරුදුටු දියණියගේ ‘අත අල්ලාගෙන’ දුක්වන තාත්තා (PHOTO )

කොන්ක්‍රීට් යට සිරවී මරුදුටු දියණියගේ ‘අත අල්ලාගෙන’ දුක්වන තාත්තා (PHOTO )

භූමිකම්පාවෙන් මිය ගිය 15 හැවිරිදි දියණියගේ අත පියා විසින් අල්ලාගෙන සිටින ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. .

එය තුර්කියේ කහරමන්මාරස්හි සිදුවූ පුවතක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මෙසුට් හන්සර් නැමති පියා භූමිකම්පාවෙන් කඩා වැටුණු කොන්ක්‍රීට් යට සිරවී සිටින තම දියණියගේ අප්‍රාණික අත අල්ලාගෙන සිටින අයුරුයි එම ඡායාරූපයේ දැක්වෙන්නේ.

භූමිකම්පාව සිදුවී පැය 48කට වැඩි කාලයක් ගතවී ඇතත් දිවි ගලවා ගත් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

තුර්කියේ සහ සිරියාවේ නිලධාරීන්ට අනුව සඳුදා (06) ඇති වූ භූමිකම්පාවෙන් පුද්ගලයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තවත් 40,000 ක් පමණ තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

 

Share This