
කොරියානු රැකියා සිහින ඉල්ලා තරුණ පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක
” බොඳ වී යන කොරියන් සිහිනයට ” වාහම විසඳුමක් ලබා දෙන්නයි තරුණ , තරුණියන් පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට අද (19) උද්ඝෝෂණයක නිරත වුණා.
Eps විභාගයට ( නිෂ්පාදන ධීවර ශිල්බිල්ඩින්) පෙනීසිටි දෙදහකට අධික සිසුන් පිරිසක් web අඩවියෙන් ඉවත්වීමට ආසන්නව ඇති බැවින් තම කොරියානු රැකියා සිහිනයේ බොඳ වී යාහැකි බව උද්ඝෝෂකයින් ගේ අදහසයි.
කොරියානු රැකියා සඳහා අවස්ථාව නොලැබීමෙන් පීඩාවට පත් තරුණ පිරිසක් අද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට දී පුවරු රැගෙන උද්ඝෝෂණයක නිරත වුණා.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ අර්බුදයට පත්ව සිටින තමන්ට විසඳුමක් ලබා දෙන ලෙසයි.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.


