කොරියා ජනපති තම පක්ෂයේ නායකයා අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි
පසුගිය සතියේ යුද නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ඔහුගේම පාලක පක්ෂයේ නායක හැන් ඩොං-හූන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවට ප්‍රධාන විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලී ජේ-මියුන්ග් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඇතුළත් වූ බව එරට ජාතික බුද්ධි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ බව සඳහන්.