කොරෝනා ආසාදිත අම්මාට සිව් දරු උපතක් – උපතේදීම දරුවන් මිය ගිහින්(VIDEO)

කොරෝනා ආසාදිත අම්මාට සිව් දරු උපතක් – උපතේදීම දරුවන් මිය ගිහින්(VIDEO)

කොරෝනා ආසාදිත  ගැබිනි මාතාවක් අම්පාර මහ රෝහලේ දී දරුවන් සිව් දෙනෙකු බිහි කළ අතර එම දරුවන් උපතේදීම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා උපුටා දක්වමින් අද (07) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ද කරුණු සඳහන් කළා.

අම්පාර විජිතපුර පදිංචි එම කාන්තාව පස් මස් ගැබිනියක ව  සිටියදී ඇයට කොරෝනා වැළඳීම නිසා දින ගණනාවක් අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

නිවසේ සිටියදී නැවත හදිසියේ අසනීප වීම නිසා අම්පාර මහ රෝහලට ඇතුළත් කළ පසුව ඇය මෙම මළ දරුවන් බිහි කර තිබුණා.

පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු එම මව බිහි කර ඇති අතර කොරෝනා වැළඳීම නිසා එම දරුවන් මිය ගොස් ඇති බවට සැක පළ කරන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අද (7) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී ගෙනහැර දැක්වූ තොරතුරු පහතින් දැනගත හැකියි.

Share This