කොලරාඩෝහි සමාජ ශාලාවකදී වෙඩි තබා 5ක් ඝාතනය කළ සැකකරුට අපරාධ චෝදනා 305ක්

කොලරාඩෝහි සමාජ ශාලාවකදී වෙඩි තබා 5ක් ඝාතනය කළ සැකකරුට අපරාධ චෝදනා 305ක්

කොලරාඩෝහි රාත්‍රී සමාජ ශාලාවක් තුළ පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකරුට මිනීමැරුම්, වෛරී අපරාධ සහ පහරදීම් ඇතුළු අපරාධ චෝදනා 305 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය මාසයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් Daniel Aston, Derrick Rump, Kelly Loving, Ashley Paugh සහ Raymond Vance යන අය ජිවිතක්ෂයට පත්වූ බවත් ප්‍රහාරයෙන් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

22 හැවිරිදි මෙම සැකකරු කොලරාඩෝ අධිකරණයක පෙනී සිටි අතර එහිදී මොහුට එරෙහිව මෙම සියලු චෝදනා ඉදිරිපත් කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සැකකරුට එරෙහිව ඇති චෝදනා අතර මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම් මෙන්ම වෛරී අපරාධ චෝදනා ද ඇතුළත් වනවා

කොලරාඩෝ හි එල් පැසෝ ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතීඥ මයිකල් ඇලන් මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත්තේ සැකකරු වරදකරු වුවහොත් ජීවිතයේ ඉතිරි කාලය බන්ධනාගාරයේ ගත කිරීමට සිදු වනු ඇති බවයි.

Share This