කොලරා රෝගයෙන් සුඩානයේ 22 දෙනෙකු මරුට

කොලරා රෝගයෙන් සුඩානයේ 22 දෙනෙකු මරුට

කොලරාව රෝග ව්‍යාප්තිය හේතුවෙන් සුඩානයේ පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

මාස ගණනාවක සිට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් එම රෝග ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි සුඩාන බලධාරීන් පවසන්නේ.

කොලරාව රෝගය ආසාදනය වූ රෝගීන් 400කට ආසන්න පිරිසක් දැනටමත් වාර්තා වී ඇති බව සඳහන්.

මෙම රෝග තත්ත්වය පාචනය ඇති කරන අතර දරුණු විජලනය වීමකට තුඩු දෙන බව පෙන්වාදෙන සෞඛ්‍ය බලධාරීන්, දූෂිත ආහාර හෝ ජලය ශරීරගත වීම හරහා එය සම්ප්‍රේෂණය වන බවයි සඳහන් කරන්නේ.

Share This