
කොලොම්බියාවේ ප්‍රහාරයකින් 18 දෙනෙකු මරුට
කොලොම්බියාවේ හිටපු FARC ගරිල්ලා කණ්ඩායමේ විවිධ විරුද්ධවාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා
එමෙන්ම හතළිහකට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ
මේ අතර රටේ තුන්වන වැඩිම ජනගහනයක් සිටින නගරය වන කැලි හි, කොලොම්බියානු අභ්‍යවකාශ හමුදා කඳවුරක් අසල පුපුරණ ද්‍රව්‍ය සහිත භාණ්ඩ ප්‍රවාහන වාහනයක් පුපුරා ගිය අතර, එම සිදුවීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 71 දෙනෙකු තුවාල ලබා ඇති බව නගරාධිපති කාර්යාලය පවසනවා