කොවිඩ් අගුලු දැමීමත් සමග ‘ලෝකයේ කොකේන් අවශ්‍යතාව’ වැඩිවූ හැටි

කොවිඩ් අගුලු දැමීමත් සමග ‘ලෝකයේ කොකේන් අවශ්‍යතාව’ වැඩිවූ හැටි

ගෝලීය කොකේන් නිෂ්පාදනය වැඩි වී ඇති බව නව වාර්තාවක් මගින් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

කොවිඩ් අගුලු දැමීමෙන් පසු ඉල්ලුම ඉහළ යාමත් සමග මෙම කොකේන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ

2021 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ කොකේන් වගාව වාර්තාගත මට්ටමට 35% කින් ඉහළ ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය පවසන්නේ .

එමෙන්ම බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ජාවාරම් සඳහා නව කේන්ද්‍රස්ථාන බිහිවී ඇති බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පාරිභෝගිකයින්ට මත්ද්‍රව්‍ය ලබා දීම සඳහා ජාවාරම්කරුවන් ජාත්‍යන්තර තැපැල් සේවා නිතර භාවිතා කරන බව ද එම වාර්තාව සඳහන් කරනවා.

යුරෝපය සහ උතුරු අමෙරිකාව කොකේන් සඳහා විශාලතම වෙළඳපොලවල් වන අතර, පසුව දකුණු සහ මධ්‍යම අමෙරිකාවේ සහ කැරිබියන් දුපත්වලටත් ව්‍යාප්ත වී ඇති බවයි පැවසෙන්නේ .

අප්‍රිකාවේ සහ ආසියාවේ වෙළඳපොල තුළ කොකේන් ව්‍යාප්තිය තවමත් සීමිත බවයි එම වාර්තාව සඳහන් කරන්නේ

කොවිඩ් 19 පැතිර ගිය සමයේ ජාත්‍යන්තර සංචාර දැඩි ලෙස සීමා කිරීම නිසා මත්ද්‍රව්‍ය වෙළඳපොළට යම්කිසි බලපෑමක් ඇති කළ බවද එම වාර්තාව පෙන්වා දෙනවා.

වසංගතය නිසා අගුලු දැමීමේදී රාත්‍රී සමාජශාලා සහ බාර් වසා දැමීම නිසා කොකේන් සඳහා ඇති ඉල්ලුම පහත වැටුණත් මෑත දත්තවලින් පෙනී යන්නේ මෙම පසුබෑම එතරම් බලපෑමක් ඇති කර නොමැති බවත් ගෝලීය කොකේන් සැපයුම වාර්තාගත මට්ටමක පවතින බවත්ය .

ඕස්ට්‍රේලියාවේ පරිභෝජනය 2020 මැද භාගයේදී ඉහළ ගිය අතර, ඊළඟ වසරේ 50% කින් පහත වැටී 2021 අවසාන මාස කිහිපය තුළ මධ්‍යස්ථව ඉහළ ගොස් තිබෙනවා

එක්සත් රාජධානිය, බෙල්ජියම, ප්‍රංශය සහ ස්පාඤ්ඤය ඇතුළු බටහිර යුරෝපීය රටවල් කිහිපයක කොකේන් භාවිතය ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවද සඳහන් වනවා

යුක්‍රේනයේ, වෙළඳපොල ප්‍රසාරණය වෙමින් පැවති නමුත්, රුසියාවේ ආක්‍රමණයේ සිට ඉල්ලුම දැඩි ලෙස කඩාකප්පල් වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This