කොවිඩ් එන්නත් සොයාගත් විද්‍යාඥයින් දෙදෙනෙකුට නොබෙල් ත්‍යාගය පිරිනමයි

කොවිඩ් එන්නත් සොයාගත් විද්‍යාඥයින් දෙදෙනෙකුට නොබෙල් ත්‍යාගය පිරිනමයි

කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය මෙවර මෙරිකානු සහ හංගේරියානු විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් හිමි කරගෙන තිබෙනවා.

mRNA කොවිඩ් – 19 එන්නත නිපදවීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඔවුන්ට නොබෙල් ත්‍යාගය පිරිනමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හංගේරියාවේ මහාචාර්ය Katalin Kariko සහ අමෙරිකාවේ මහාචාර්ය Drew Weissman හට එම ත්‍යාගය හිමිව තිබෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාට අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ ත්‍යාග මුදලක් හිමිවීමට නියමිතයි.

මෑත කාලයේ මානව වර්ගයා මුහුණදෙමින් සිටි දරුණුතම වසංගත තත්ත්වයකට මුහුණදෙන අවස්ථාවක ඔවුන් මෙම එන්නත නිර්මාණය සඳහා දායකවීම නොබෙල් ත්‍යාගය පිරිනැමීම සඳහා හේතු වූ බවයි නොබෙල් ත්‍යාග කමිටුව සඳහන් කර ඇත්තේ.

සාම්ප්‍රාදායිකව එන්නත් නිර්මාණය කරනු ලබන්නේ මැරුණු හෝ දුර්වල වෛරස් කොටස් භාවිතයට ගනිමින්.

කෙසේවෙතත් මෙම mRNA කොවිඩ් – 19 එන්නත් වන Moderna සහ Pfizer එන්නත් නිර්මාණය කරනුයේ වෙනත් ප්‍රවේශයක් යොදාගනිමින් වීම විශේෂත්වයක් වන බවයි ව්දෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This