කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් ගලවන ,එන්නත හිඟවීම ගැන හෙළිවූ දේ

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් ගලවන ,එන්නත හිඟවීම ගැන හෙළිවූ දේ

මුළු රටම අතිශය භයානක අයුරින් කොවිඩ් රැල්ලක ශීඝ්‍ර නැඟීමත් සමඟ කොරෝනා ආසාදිතව කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා TOCILIZUMAD නම් එන්නත රජයේ රෝහල්වල හිඟ වීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇතැයි වාර්තා වී තිබෙනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

එම එන්නත සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී වෛද්‍ය කාර්ය මණ්ඩලද අතිශය අසීරුතාවට පත්ව සිටිනවා .

එම එන්නත රජයේ කිසිදු රෝහලක සොයා ගැනීමට නොහැකි බවට තොරතුරු වාර්තා වන අතර පෞද්ගලික අංශය තුළදී පවා එම එන්නත් මිලදී ගැනීම අතිශය දුෂ්කර කාර්යක් වී තිබෙන බවයි වාර්තා වන්නේ

එම එන්නත මෙන්ම මෙරට ප්‍රධාන රෝහල්වල හෘද රෝගීන්ට හා වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර ලෙස ලබා දෙන තවත් ඖෂධ වර්ග 40කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ

කොවිඩ් නිව්මෝනියා තත්ත්වයට ගොදුරු වන අසාධ්‍ය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා TOCILIZUMAD නම් එන්නතේ මාත්‍රා ප්‍රමාණය අවශ්‍යතාව අනුව එක් එක් රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර සමහර රෝගීන්ට එම එන්නතේ මාත්‍රා 2ක් හෝ 3ක් පවා ලබා දීමට සිදුවන බව වෛද්‍යවරු පෙන්වා දෙනවා

එම එන්නතේ හිඟතාව හේතුවෙන් කොවිඩ් නිව්මෝනියාවට පත්වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට ඇති අවකාශය තවදුරටත් සීමා වීම අතිශය ගැටලුකාරි තත්ත්වයක්

මෙසේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 40ක ප්‍රමාණයක් ගෙන්වීමට අදාළ ටෙන්ඩර් අනුමැතිය පවා හිමි වී ඇති බවද වාර්තා වනවා

එම ඖෂධ ඇනවුම් කර ඇති බවත් අදාළ ණයවර ලිපි පවා විවෘත කර ඇතත් තවමත් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිදහස් කර ගත නොහැකි බවත් පැවැසේ.

අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිකමින් රෝගී ජීවිත පිළිබඳව අවිනිශ්චිත බවක් නිතැතින්ම ඇතිවනවා

මෙවන් වසංගත සමයක එය අතිශය බරපතළ තත්ත්වයක් උදා කරන බවට නොරහසක් .

Share This