කොවිඩ් නිසාම හදන කාඩ්බෝඩ් මිනී පෙට්ටිවලට තිබෙන ඉල්ලුම

කොවිඩ් නිසාම හදන කාඩ්බෝඩ් මිනී පෙට්ටිවලට තිබෙන ඉල්ලුම

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ වර්ධනය වෙමින් පවතින අවස්ථාවක දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රි ප්‍රියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රියකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනී පෙට්ටි සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කර තිබෙනවා .

ඒ අනුව දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රි ප්‍රියන්ත සහබන්දු මහතා වැඩිදුරටත් පවසන්නේ

“මුස්ලිම් ජාතිකයන්ගේ මරණ සඳහා මිනී පෙට්ටි භාවිත කරන්නේ නැහැ.

සාමාන්‍යයෙන් පෙට්ටි හාරසියයක් පමණ දවසකට අවශ්‍ය වන අතර පෙට්ටි හාරසියයක් හදන්න රටේ ගස් දෙසීයක් පමණ කපන්න හදලා මේ රටේ විශාල පරිසර විනාශයක් වෙන්න හදන වෙලාවක මම සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තිකයෙක් හැටියට දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ කමිටු සභාපතිවරයා විදිහට එදා කමිටුවට මම යෝජනා කරනවා පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස අපිට නැවත නැවත භාවිත කිරීමට හැකි මිනී පෙට්ටියක් නිෂ්පාදනය කරමු කියලා

එමෙන්ම පරිසර විනාශ අවම කරගමු කියන එක. ඒ සඳහා අදහස් එකතු කරගනිමින් මාස කිහිපයක් ඇතුළත ගෙවල්වල, නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල ඉවත් කරන කාඩ්බෝඩ්වලින් ප්‍රතිචක්‍රියකරණය කරන ලද ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරන 3G සැලැස්ම. එහි refuse, reduce සහ recycle කියන මෙම ප්‍රතිචක්‍රියකරණ සැලැස්ම තුළින් මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය ආරම්භ කළා.

අද වෙනකොට අපි දන්නවා මේ ලී පෙට්ටියකින් මෘත ශරීරයක් දහනය කරන්න ආදාහනගාරයක් තුළ දහනය වෙන්නේ විනාඩි තිහක් තිස්පහක් වගේ කාලයක්.

ඒ සඳහා අපට ලොකු ගෑස් ප්‍රමාණයක් යනවා.
ලොකු විදුලියක් යනවා. මෙය දහනය නිසා ලොකු කාබන් ප්‍රමාණයක් එළියට ගිහිල්ලා විශාල පරිසර විනාශයක් සිද්ධ වෙනවා.

ඒ වගේම අපිට විදුලියට වැඩිපුර ඩීසල් දහනය කරමින් නිෂ්පාදනය කරන විදුලිය මේ සඳහා භාවිත කරනවා.

ඒ වගේම අපි ගෑස් පිටරටින් ගේන්නේ. ඩීසල් පිටරටින් ගේන්නේ. අපි රටක් විදිහට ආර්ථිකමය වාසි ගණනාවක් තිබෙනවා.

එම නිසා පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස 2019 වර්ෂයේ ඇවිල්ලා 2020 වර්ෂයේදී මහ සභාවේ අනුමත වෙලා.

මාගේ සංකල්පයක් අනුව මෙය ක්‍රියාත්මක කරන්න අපි අවස්ථාව සලසනවා. ඒ හරහා අද වෙනකොට මේ ලෝකය කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක මේ පරිසරයට මිනිසුන් විසින් කරන ලද හානියට පරිසරය විසින් ලබාදෙන ප්‍රධාන ප්‍රති උත්තරයක් ලෙසයි මම මේ කොරෝනා ව්‍යාප්තිය දකින්නේ.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය අසේල ගුණවර්ධන, කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය ප්‍රසන්න යන වෛද්‍යවරුන්ගේ දැඩි අවශ්‍යතාව මත ඔවුන්ගේ උපදෙස් මත ලෝකේ මේ ඇති තත්ත්වය යටතේ ආර්ථිකමය වශයෙන් බැට කාල ඉන්න මිනිස්සුන්ට විශාල ආර්ථික සහනයක් විදිහට මෙය ඉතාමත් වැදගත් අවශ්‍යතාවක්

දෙහිවල, ගල්කිස්ස නගර සභාවෙන් රුපියල් දහදාහක වැනි ඉතා අඩු මුදලකට මෙම මිනී පෙට්ටියත් ,අවමංගල්‍ය රථයත්,මෘත ශරීරාගාරයේ ඒ සඳහා වන සියලුම සේවාවන් මෙන්ම දේහය රැගෙන කනත්තේ ආදාහනය දක්වා සියලු කටයුතු කිරීමට සූදානම්.

මම ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලනවා මෙම ස්වාභාවික ප්‍රතිචක්‍රියකරණ මිනී පෙට්ටිය තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට යොදා ගෙන පරිසර හිතකාමී ලෙස වැඩ කටයුතු කරගෙන යන ලෙසට කියාත් ඉල්ලා සිටින බවයි

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This