කොවිඩ් නිසා ‘වැඩියෙන්ම’ දුක් විඳින පිරිස
අවිධිමත් ආදායම් ලබන පුරවැසියන් රැකීමට අවශ්‍ය නිසා දින දහයක් රට වසා තැබීම කළ නොහැක්කක් බවට ආණ්ඩුව කරන ප්‍රකාශ විහිළු සහගත බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් අද (20) පුවත්පතකට සඳහන් කර තිබෙනවා.
මේ වසංගතයෙන් බේරීමට රට වසා නොදැමීම තුළ බරපතළ පීඩාවකට ඔවුන් ලක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
“අවිධිමත් ආදායම් ලබන පුරවැසියන් මේ වෙනකොට වැටිලා ඉවරයි. ඔවුන්ගේ ආදායම මේ වෙනකොට නැති වෙලා ඉවරයි. රට ලොක්ඩවුන් කළා හෝ නොකළා කියලා ඔවුන්ගේ ආදායම රැකිලා නැහැ. ඔවුන්ට තියෙන්නේ ආදායම රැකගැනීම නෙමෙයි. ආදායමට රැකගැනීමට තියෙන දේ නැති වුණාට පස්සේ ජීවිතයට රැක ගැනීමක්. රෝහල්වලදී වැඩිම අපහසුතාවට පත් වන්නේ ඔවුන්. ICU ඇඳන් නැතිව මැරෙන ලෙඩුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්. රෝහලක් හොයාගන්න වෙන්නේ නැතිව වැඩිපුරම මැරෙන්නේ අඩු ආදායම්ලාභීන්. තමන්ගේ මරණය ගෙදර ගෙනිය ගන්න බැරුව ඉන්න අයගෙන් වැඩිපුරම ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්” යැයි හෙතෙම පුවත්පතට සඳහන් කර තිබුණා.