කොවිඩ් මරණ අවමකර ගැනීමට කළයුතු දේ ගැන සෞඛ්‍ය අංශවලින් පැහැදිලි කිරීමක් (වීඩියෝ)
කොවිඩ් මරණ අවම කර ගැනීමට නම් දැඩි අවධානම් කාණ්ඩයන්ට රෝගය බෝවීම වළක්වා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා.
ඒ අනුව සියළු දෙනා සෑමවිටම නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ක්‍රියාකරන ලෙසයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ.
ගෙවුණු සති කිහිපයතුළදීම අඛණ්ඩව දෛනික 30 ඉක්මවූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වුණා.
ඒ අනුව සතියක් තුළදී පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 200යේ සීමාවට ළඟා වනවා.
ඊයේ දිනයේත් සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජෙනරාල්වරයා තවත් කොවිඩ් මරණ 30ක් තහවුරු කළා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,116 දක්වා ඉහළ ගියා.
මේ අතර, අදත් දිවයිනම ආවරණය වන පරිදි කොවිඩ් මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මේ වනවිට කොවිඩ් තෙවන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා ඇති සමස්ත සංඛ්‍යාව 6,952,661ක් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.