කොවිඩ් ව්‍යාප්තිය ලේඛනගත කළ වුහාන්හි මාධ්‍යවේදියා වසර තුනකට පසු නිදහස් කෙරේ

කොවිඩ් ව්‍යාප්තිය ලේඛනගත කළ වුහාන්හි මාධ්‍යවේදියා වසර තුනකට පසු නිදහස් කෙරේ

වුහාන් හි කොවිඩ් -19 ව්‍යාප්තිය ලේඛනගත කළ මාධ්‍යවේදියා වසර තුනකට පසු නිදහස් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඇති වූ ගෝලීය හදිසි තත්ත්වයේදී චීන බලධාරීන් සැබෑ තොරතුරු වසන් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී කොවිඩ් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ මධ්‍යම චීන නගරයේ සැබෑ තත්ත්වය පෙන්වන වීඩියෝ Fang Bin හුවමාරු කරගෙන තිබෙනවා.

රැඳවුම් භාරයේ සිටියදී Fang Binගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ.

2020 මුල් භාගයේදී සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද ඔහුගේ වීඩියෝ මාරාන්තික වූ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් කළ අතර එය චීනයේ රාජ්‍ය මාධ්‍යවල ඉදිරිපත් කර ඇති දත්තවලට පරස්පර විරෝධී දත්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක් වීඩියෝවක, Fang Bin රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් පිරී ඇති රෝහල් කොරිඩෝව පෙන්වා තිබෙනවා. එහි එක් කොටසකදී වෑන් රථයක ගොඩගසා ඇති මියගිය පුද්ගලයන්ගේ සිරුරු පෙන්වා ඇති අතර එය ලොව දැඩි කතාබවට ලක්වූවක් වුණා.

වසංගතය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් කොපමණ පිරිසක් රඳවා තබාගෙන හෝ නඩු පවරා තිබේද යන්න බලධාරීන් කිසි විටෙකත් තහවුරු කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, චීනයේ 120,000 ක් පමණ Covid රෝගයෙන් මිය ගොස් ඇතත්, විශේෂඥයින් විශ්වාස කරන්නේ සැබෑ දත්ත ප්‍රමාණයන් ඊට වඩා වැඩි විය යුතු බවයි.

Share This