කොවිඩ් වෛරසය රසායනාගාරයකින් කාන්දු වීම බැහැර නොකළ යුතුයි – විද්‍යාඥ ජෝර්ජ් ගාඕ

කොවිඩ් වෛරසය රසායනාගාරයකින් කාන්දු වීම බැහැර නොකළ යුතුයි – විද්‍යාඥ ජෝර්ජ් ගාඕ

කොවිඩ් වෛරසය රසායනාගාරයකින් කාන්දු වීම බැහැර නොකළ යුතු බව හිටපු චීන රජයේ විද්‍යාඥ, මහාචාර්ය ජෝර්ජ් ගාඕ පවසනවා.

චීනයේ රෝග පාලන මධ්‍යස්ථානයේ (CDC) ප්‍රධානියා ලෙස, මහාචාර්ය ජෝර්ජ් ගාඕ වසංගත ප්‍රතිචාරය සහ එහි මූලාරම්භය සොයා ගැනීමට දරන ප්‍රයත්නවලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.

චීන රජය මෙම රෝගය වුහාන් රසායනාගාරයකින් ආරම්භ වන්නට ඇතැයි ලෙස පැමිණෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර මහාචාර්ය ගාඕ ඒ පිළිබඳව දක්වන්නේ ප්‍රතිවිරෝධී අදහසක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව ප්‍රමුඛ පෙළේ වෛරස් විද්‍යාඥයෙකු සහ ප්‍රතිශක්ති විද්‍යාඥයෙකු වන මහාචාර්ය ගාඕ පසුගිය වසරේ CDC වෙතින් විශ්‍රාම ගැනීමෙන් පසු දැන් චීනයේ ජාතික ස්වාභාවික විද්‍යා පදනමේ උප සභාපති ලෙස කටයුතු කරනවා.

චීනයේ වුහාන් වෛරස් විද්‍යා ආයතනය පිළිබඳ යම් ආකාරයක විධිමත් පරීක්ෂණයක් සිදු කළ බවයි මහාචාර්ය ගාඕ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

Share This