කොවිඩ් සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට උපදෙස්

කොවිඩ් සම්බන්ධයෙන් චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට උපදෙස්

කොවිඩ් හා එහි ව්‍යාප්තියේ ප්‍රවණතා ව සම්බන්ධයෙන් සියළු කරුණු අඩංගු චක්‍රලේඛ දෙකක් කඩිනමින් නිකුත් කිරීමට අදාළ අංශ වලට උපදෙස් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා

ඒ අනුව ඉන් එකක් මහජනතාව ඉලක්ක කරගනිමින් ද අනෙක සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල ඉලක්ක කර ගනිමින්ද නිකුත් කිරීමට නියමිතයි

එමෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් සත්‍ය මෙන්ම අසත්‍ය ,අඩක් සත්‍ය තොරතුරු ද සංසරණය වීමේ ප්‍රවණතාවක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ

කෙසේ වෙතත් කොවිඩ් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා නිසි බලයලත් සුදුසුකම් ඇති නිල ප්‍රකාශකයින් , ආයතන විසින් නිකුත් කරන තොරතුරු පිලිබඳ පමණක් විශ්වාසය තබන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

Share This