කොවිඩ් 19 සඳහා ලොව ප්‍රථම නාසික එන්නත රුසියාවෙන්

කොවිඩ් 19 සඳහා ලොව ප්‍රථම නාසික එන්නත රුසියාවෙන්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් COVID-19 ට එරෙහිව ලොව ප්‍රථම නාසික එන්නත ලියාපදිංචි කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

නාසයට ඉසින දියරයක් ලෙස නිපදවූ ලොව පළමු ‘කොවිඩ් 19′ ප්‍රතිශක්තිකරණ එන්නත ලෙසයි මෙය හඳුන්වා දී තිබෙන්නේ

මෙම නාසික එන්නත රුසියාවේ ගැමලේයා ආයතනයේ නිෂ්පාදනය කෙරෙන ස්පුට්නික් v එන්තේම තවත් අදියරක් බවයි පැවසෙන්නේ

එන්නත් කටුවලට බියක් දක්වන කෙනකුට සුදුසුම එන්නත වන්නේ මෙම නාසික එන්නත බව ස්පුට්නික්’ එන්නත නිපදවන රුසියන් රජයට අයත් ගැමලේයා ඖෂධ නිෂ්පාදන සමාගම පවසනවා

මෙම නාසික එන්නත නව Omicron කොරෝනා වෛරසයට එරෙහිව කාර්යක්ෂම ක්‍රියා කරනු ඇති බවද සඳහන්

Share This