“කොස්ගොඩ සුජී” ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වූ උපපොලිස් පරීක්‍ෂකට කළ තර්ජන ගැන පොලිස් පරීක්ෂණ

“කොස්ගොඩ සුජී” ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වූ උපපොලිස් පරීක්‍ෂකට කළ තර්ජන ගැන පොලිස් පරීක්ෂණ

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව අහුංගල්ල පොලිසියේ උපපොලිස් පරීක්‍ෂකවරයෙකුට මරණ තර්ජන කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ අතර පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව ගාල්ල ධීවර වරායේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ක්‍රියාවන්ට සැකපිට පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව ගාල්ල ධීවර වරායේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ පස්වරුවේ ක්‍රියාත්මක කරනු ලැබුවා.

මෙහිදී විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට අදාළව සැකපිට පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව අත්අඩංගුවට ගත් අය වනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියකට අදාළව අහුංගල්ල පොලිසියේ උපපොලිස් පරීක්‍ෂකවරයෙකුට දුරකථනයෙන් මරණ තර්ජන කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 8 වැනිදා බලපිටිය ප්‍රදේශයේදී 42 හැවිරිදි අදාළ කාන්තාව හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුවයි.

එදින සවස වට්ස්ඇප් ඔස්සේ නාඳුනන පුද්ගලයෙකු විසින් අදාළ උපපොලිස් පරීක්‍ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගනිමින් සැකකාර කාන්තාවට අධිකරණයෙන් ඇප ලබාගැනීමට හැකිවන පරිදි නඩු චෝදනා ගොනු කරන ලෙසට පරුෂ වචනයෙන් බැන වැදී තිබෙනවා.

එලෙස නොකළහොත් උපපොලිස් පරීක්‍ෂකවරයා මාර්ගයේ ගමන්කරන අවස්ථාවකදී වෙඩි ප්‍රහාරයකට හෝ රිය අනතුරකට ලක්කර මරණ බවට ද තර්ජනය කර ඇති බවයි පැවසෙන්නේ.

අදාළ උපපොලිස් පරීක්‍ෂකවරයා මේ සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Share This