කොස්ලන්ද පූනාගල රක්ෂිතයේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වෙයි
කොස්ලන්ද පූනාගල කදු රක්ෂිතයයේ දින එක හමාරක පමණ කාලයක් පැතිර යමින් පැවති විශාල ගින්න අද (29) අලුයම වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා.
ගින්න නිසා රක්ෂිතයේ අක්කර හැටකට ආසන්න භූමි ප්රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක,වනසතුන් සහ තෘණ භූමිය ද ගින්නට හසු වී විනාශ වී ඇති බව සඳහන්.
අතිශය සංවේදී පරිසර පද්ධතියක් සහිත මෙම රක්ෂිත කොටසට කිසියම් පුද්ගලයෙකු ගිනි තබා ඇති අතර අද අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙන බවයි සඳහන් වන්නේ.