කොස් මල්ලිගේ සහෝදරයා ඝාතන තැත වැරදී ආපසු ගිය ඝාතකයින් ගැන සුනඛයා ගේ ඉව පසුපස පොලීසිය (VIDEO)

කොස් මල්ලිගේ සහෝදරයා ඝාතන තැත වැරදී ආපසු ගිය ඝාතකයින් ගැන සුනඛයා ගේ ඉව පසුපස පොලීසිය (VIDEO)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන කොස්මල්ලි නැමැත්තාගේ සහෝදරයා ඝාතනය කිරීම සඳහා පසුගිය 10 වැනිදා රාත්‍රියේ මාලනී බුලත්සිංහල මාවතේ පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට වෙඩික්කරුවන් දෙදෙනෙකු පැමිණ තිබෙනවා.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් ඔවුන් දෙදෙනා පැමිණ තිබූ අතර කොස්මල්ලිගේ සහෝදරයා නිවසේ නොසිටි බැවින් ඔවුන් යළි පිටව ගොස් ඇති බව ඒ අසල වූ සී.සී.ටී.වී. මගින් හදුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් කොස්මල්ලිගේ සහෝදරයාගේ නිවසේ සිටි සුනඛයෙකු වෙඩික්කරු පසුපස ඔහු හදුනන අයුරින් ගමන් කරන දර්ශන පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව අදාළ වෙඩික්කරු කොස්මල්ලිගේ සහෝදරයාගේ නිවසට නිරන්තරයෙන් පැමිණෙන අයෙක් බවට සැක මතුව ඇති අතර ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

දෙහිවල – ගල්කිස්ස හා අවට ප්‍රදේශයන්හි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කොස්මල්ලිගේ පාර්ශ්වය සහ බඩෝවිට අසංකගේ පාර්ශ්වය අතර ගැටුම් පවතින අතර එහි ප්‍රතිඵලයක් මත අසංකගේ පාර්ශ්වයෙන් අදාළ වෙඩික්කරුවන් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This