
කොහුවල හන්දියේ අද සිට මාස දෙකක් ගමනාගමනය සීමා කරයි
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද සිට මාස දෙකක් එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
කොළඹ සිට පිළියන්දල දක්වා ගමන් කරන මාර්ගයේ කොහුවල මංසන්ධියේ ස්ථාපිත කරමින් පවතින ගුවන් පාලමේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
එම අලුත්වැඩියා කටයුතු අගෝස්තු මස 15 වැනිදා දක්වා සිදු කරන බව සඳහන්.
ඒ නිසා මාර්ග තදබදය අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා දැනුම් දෙන්නේ.