කොළඹ උද්ධමනය ගැන දැනුවත්ද?

කොළඹ උද්ධමනය ගැන දැනුවත්ද?

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අගෝස්තු මාසය සඳහා 0.5% ක් දක්වා අඩු වී ඇති බව සඳහන්.

එය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් ලෙස වාර්තා වී තිබුණු බවයි දැක්වෙන්නේ.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.8% දක්වා අඩු වී ඇති අතර එය 2024 ජූලි මාසයේ දී 1.5% ක් ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම, 2024 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 0.4%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජූලි මාසයේ දී 2.8% ක් ලෙස දැක්වූ බව සඳහන්.

Share This