කොළඹ කොටස් වෙළෙඳපොලේ කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොලේ කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (05) වාර්තා වී තිබෙනවා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඇති අතර එය දැක්වෙන්නේ ඒකක 16,456.10 ක් ලෙසයි.

එය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසයි සටහන් වී ඇත්තේ.

S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18කින් පහළ ගොස් ඒකක 4,898.04ක් ලෙස දැක්වුණා.

Share This