කොළඹ – ගම්පහ ඩෙංගු මඩින්න විශේෂ වැඩසටහනක්

කොළඹ – ගම්පහ ඩෙංගු මඩින්න විශේෂ වැඩසටහනක්

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අද (20) සිට ලබන 30 වැනිදා දක්වා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල දින 10 ක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ පිළියන්දල නගර සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රය ආශ්‍රිතව ආරම්භ වුණා.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 26,775ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 14ක් වාර්තාවී තිබෙනවා.

Share This