කොළඹ දී ඇල්ලූ සැකකරුගේ ඔත්තුවෙන් වව්නියාවේ අත් බෝම්බ ඇතුළු මත්ද්‍රව්‍ය ගබඩාවක් මතුවේ

කොළඹ දී ඇල්ලූ සැකකරුගේ ඔත්තුවෙන් වව්නියාවේ අත් බෝම්බ ඇතුළු මත්ද්‍රව්‍ය ගබඩාවක් මතුවේ

වවුනියාව, නෙරියකුලම් ප්‍රදේශයේ නිවසක ප්ලාස්ටික් බෑගයක වළ දමා තිබූ අත් බෝම්බ 86 ක් සමඟ පුද්ගලයෙකු වවුනියාව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව දිස්ත්‍රික් අපරාධ විමර්ශන ඒකකයේ පොලිසිය, කොළඹ සිට පැමිණි විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ චෙට්ටිකුලම් හි තුට්ටුවගයි සහ නෙරියකුලම් ප්‍රදේශවල නිවාස දෙකක් සෝදිසි කිරීමක නිරත වී ඇත්තේ ඊයේ කොළඹදී තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන්වි ලද තොරතුරු මතයි.

මේ අතරතුර, නෙරියකුලම් හි නිවසක් අසල ප්ලාස්ටික් බෑගයකින් අත් බෝම්බ 86 ක්, ටී 56 රයිෆලයක් සඳහා කාට්රිජ් තුනක්, මත්ද්‍රව්‍ය පෙති 5600 ක් සහ අයිස් ග්‍රෑම් 10 ක් සොයා ගැනීමට එහිදී පොලීසියට හැකිව තිබෙනවා.

අදාළ නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අනුවයි .

 

 

Share This