
කොළඹ මහ නගර සභාවෙන් පිටකොටුවේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සුද්දයක්
කොළඹ මහ නගර සභාවේ වෛද්‍යවරුන්, ආහාර පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී අඩුවට පැවති ලූණු විශාල ප්‍රමාණයක් වැඩි මිලට විකිණීමට ගබඩා කර තිබියදී සොයා ගෙන තිබෙනවා.
මෙහි විශේෂත්වය වූයේ එම ලුණු පැළ බවට පත්වී තිබීමයි.
එසේම හාල්වල පණුවො, ගුල්ලො වැනි සත්වයින් සිටින,සම්බා සහ කීරි සම්බා සහල් තොගයක්ද මෙම වැටලීමේ දී නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
පරිභෝජනයට නුසුදුසු මයිසූර් පරිප්පු, පළතුරු, මිරිස් කුඩු යන ද්‍රව්‍ය ද මෙහිදී සොයා ගෙන තිබෙනවා.
හොටලවල මුලුතැන්ගේ පරික්ෂා කළ අතර නිසි ප්‍රමිතියට ආහාර පිළියෙළ නොකරන හෝටල් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා.
මෙහිදී පරිශ්‍ර 55 ක් පරීක්ෂා කරන ලද අතර ඉන් 13 කට නිවේදන නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.
මෙහිදී පරිශ්‍ර 17 කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර සුදු පේලි සහල් කි.ග්රෑ. 25 , ලූනු කි.ග්රෑ.20 සහ පරිප්පු කි.ග්රෑ.25 මෙහිදී විනාශ කිරීමට නියෝග කර තිබෙනවා.