
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීමත් උණුසුම් වෙයි
කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වුණා.
එම රැස්වීමේ න්‍යාය පත්‍රය නිත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රිවරුන් පැවසීමත් සමඟ රැස්වීම මිනිත්තු 10කට කල් තැබීමට නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පියවර ගත්තා.
කෙසේ වෙතත් එම මංගල සභා රැස්වීමේ න්‍යාය පත්‍රය මහනගර සභා ආඥා පනතට අනුව සභිකයින්ට දින 4කට පෙර යොමු කළ යුතු වුවත්, මෙම රැස්වීම ආරම්භයට සුළු මොහොතකට පෙර එම න්‍යාය පත්‍රය ලබාදුන් බවට විපක්ෂයේ මන්ත්‍රිවරුන් සඳහන් කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.