
කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ බෝම්බ බියක් (VIDEO)
විදේශිකයෙකු තබාගිය පාර්සලයක් නිසා රුසියානු තානාපති කාර්යාලයේ බෝම්බ බියක් හට ගෙන තිබෙනවා
අද (28) දහවල් විදේශිකයෙකු විසින් එම තානාපති කාර්යාලයට පැමිණ ලැප්ටොප් පරිගණකයක් ලබා දී ක්ෂණිකයෙන් පිටව ගොස් තිබුණා
එමෙන්ම පොලිස් සුනඛ අංශයේ ලෝර්ඩ් නැමති සුනඛයාද රැගෙනවිත් පරික්ෂා කිරීම් කරනු ලැබුවා
ඒ අනුව විශේෂ කාර්ය බළකාය, විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ කුරුඳුවත්ත පොලීසිය ඇතුළු කණ්ඩායමක් වහාම එම තානාපති කාර්යාලය වෙත කැඳවීමට පියවර ගැනුණේ
සිද්ධිය සම්බන්ධව සිදුකරන ලද මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විමර්ශන කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකිරීමට නියමිතයි