කොළඹ වරායට සේන්දු වූ ජපාන ‘ASAHI’ නෞකාව

කොළඹ වරායට සේන්දු වූ ජපාන ‘ASAHI’ නෞකාව

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘ASAHI’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා

ඊයේ (01) සේන්දු වූ මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබුණා

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘ASAHI’ නෞකාව, දිගින් මීටර් 151ක් හා නැව් මුළුව 202ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Shota TAKASHIRO කටයුතු කරනු ලබනවා

එමෙන්ම මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට(03) දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි

Share This