කොළඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

කොළඹ සරසවියට නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා වෙත භාරදී තිබේ.

මහාචාර්ය අයි.එම් කරුණාතිලක මහතා වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගනී.

ඔහු 2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇත.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්වවිද්‍යාලයේ (University of Dundee) උපාධිධාරියෙකි.

එසේම එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියේ, සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ අධි සාමාජිකත්වයද දරයි.

 

Share This