කොළඹ – හැටන් මාර්ගයේ යටියන්තොට දී බස් රථයක කන්ටේනර් රථයක් ගැටී දෙදෙනෙක් රෝහලේ

කොළඹ – හැටන් මාර්ගයේ යටියන්තොට දී බස් රථයක කන්ටේනර් රථයක් ගැටී දෙදෙනෙක් රෝහලේ

කොළඹ හැටන් මාර්ගයේ යටියන්තොට අලි වත්ත වංගු සහිත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරෙන් දෙදෙනෙකු තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ සිට බඩු පටවා ගත් කන්ටේනර් රථයක් හැටන් දෙසට ගමන් කරමින් සිටියදී හැටන් සිට කොළඹ දක්වා ගමන් ගත් ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටීමෙන් තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් ගත් මගීන් දෙදෙනෙකු යි.

තුවාලකරුවන් කරවනැල්ල රෝහල්ට ඇතුළත් කර ඇති අතර බස් රථයේ මගීන් 35 දෙනකු ගමන් කර තිබෙනවා.

මේ දිනවල අධික වර්ෂාව නිසා කොළඹ – හැටන් මාර්ගය ලිස්සන සුළු බැවින් ප්‍රවේසමෙන් ධාවනය කරන ලෙස ද යටියන්තොට පොලිස් රථවාහන අංශය රියදුරන් දැනුවත් කරනවා.

Share This