කොළොන්න තේවතු හිමියා ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

කොළොන්න තේවතු හිමියා ඝාතන සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් කොටු

කොළොන්න, අප්ටන්වත්ත ප්‍රදේශයේ තේ වතු හිමියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඊයේ (11) දිනයේ මිද්දෙනිය ප්‍රදේශයේ මාක්ස් ඇටිටිවු, තොරගලයාය ඇඟළුම් ආයතනය අසල දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව සැකකරු සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩිතැබීම සදහා පැමිණි බවට සැකකරන යතුරු පැදිය හා ජංගම දුරකතන 03 ක් ඔවුන් සතුව තිබී සොයා ගෙන තිබෙනවා

එමෙන්ම මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බවත් මෙම රොටුඹ අමිල නැමැත්තාගේ ලොකු අම්මාට සිදු කළ පහරදීමක් සම්බන්ධව එයට පළිගැනීමක් වශයෙන් රොටුඹ අමිල නැමැත්තාගේ මෙහෙයවීම යටතේ පසුගිය 09 වන දා මොවුන් විසින් තේවතු හිමියා වෙඩි තබා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ

ඒ සදහා රොටුඹ අමිල නැමැත්තා විසින් ලක්ෂ 04 ක් මුදල් හා හෙරොයින් ලබා දි ඇති බවත් හා මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකල්ලියක් වන මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායම සමඟ සෟජු සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවට වැඩදුරටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා

මීට අමතරව මෙම අත්අඩංගුවට ගන්නා ලද සැකකරු විසින් මංකොල්ලකෑම්, පහරදීම් හා මනුෂ්‍ය ඝාතන සදහා වැරදිකරුවන් වී ඇති බවත් මොවුන්ට විරුද්ධව අධිකරණ නඩු කටයුතුද විභාග වෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්

Share This