
කෝටි එක හමාරකට වැඩි දුම් වැටි ගෙනා 3 ක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට
රුපියල් එක් කෝටි හැට නව ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනෙකු අද(12) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් තිදෙනෙක්.
රේගුව පැවසුවේ ඔවුන් අද අලුයම 03.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.
මෙම පුද්ගලයින් ගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත ” ප්ලැටිනම්” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 113,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 565 ක් සගවා රැගෙන විත් තිබුණා.