කෝටි ගණනක රන් භාණ්ඩ ජාවාරමක තතු හෙළිවූ හැටි
ව්‍යාජ රන්භාණ්ඩ උපයෝගී කරගනිමින් රුපියල් එක්කෝටි අනූහය ලක්ෂ හැත්තෑ දහසක් වංචා සහගත ලෙස ලබාගත් බවට චෝදනා ලැබූ පුද්ගලයෙකු බදුල්ල පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු බදුල්ල ප්‍රදේශයේ පුද්ගලික මූල්‍ය ආයතනයක රන් භාණ්ඩ උගස් අංශයේ නිලධාරියෙකු ලෙස සේවය කළ බව සඳහන්.
සැකකරුගේ ප්‍රකාශය මත සිදුකල විමර්ශනවලදී මෙම වංචාව සඳහා යොදාගත් ව්‍යාජ ස්වර්ණාභරණ 41ක් සැකකරු සන්තකයේ තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
විවිධ පුද්ගලයන් මෙම මූල්‍ය ආයතනය වෙත පැමිණ ස්වර්ණාභරණ උකස් කරන විට සැකකරු ඒවා සඳහා ව්‍යාජ කූඨ ලේඛන ඉදිරිපත් කර ඇති බවත් ඉන්පසු එම ස්වර්ණාභරණවලට සමාන ව්‍යාජ ස්වර්ණාභරණ Online ක්‍රමයට ගෙන්වාගෙන ඒවා අදාළ කවරවලට දමා නියම රන් ආභරණ ගෙන යළි උකස්කර මුදල් ලබාගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම උකස්කළ ස්වර්ණාභරණවලට අදාළ පොලිය ඒවායේ අයිතිකරුවන් නමින් සැකකරු විසින්ම ගෙවා ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
මෙම වංචාව හේතුවෙන් තම ආයතනයට සිදුවූ පාඩුව පිළිබඳව මූල්‍ය ආයතනයේ කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන්.