කෝටි දහයක “කුෂ්” ගෙනා ඉන්දීය ජෝඩුව අල්ලයි

කෝටි දහයක “කුෂ්” ගෙනා ඉන්දීය ජෝඩුව අල්ලයි

රුපියල් කෝටි දහයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් විදේශික ගුවන් මගී කාන්තාවක සහ පිරිමියෙකු ඊයේ (02) රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. .

ගුවන්තොටුපළ රේගු අංශ පැවසුවේ අත්අඩංගුවට පත් දෙදෙනා ඉන්දීය ජාතිකයන් වන අතර පිරිමි පුද්ගලයා 37 හැවිරිදි අයකු සහ කාන්තාව 47 හැවිරිදි බවයි.

ඔවුන් දෙදෙනා මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ , එතැන් සිට ඊයේ රාත්‍රී 07.19 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් දෙදෙනා රැගෙන ආ ගමන් මලු තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 08 යි ග්‍රෑම් 220 ක් සගවා ගෙන රැගෙන විත් තිබූ බව ගුවන් තොටුපළ රේගු බලධාරීන් සදහන් කළා.

දීර්ඝ ලෙස සිදු කෙරුණු විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් ,මොවුන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද( 03) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This