කෝටි 2 කට අධික කුෂ් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී දැලේ

කෝටි 2 කට අධික කුෂ් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන් තොටුපළේ දී දැලේ

රුපියල් මිලියන 21 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරට පැමිණ ඇති අතර ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.7කට ආසන්න තොගයක්ද එහිදි රේගු නිලධාරීන් භාරයට ගැනීමටයි කටයුතුකර ඇත්තේ.

රේගු නිලධාරීන් පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

සැකකරුගේ ගමන් මලු තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Share This