කෝටි 2 කට අධික මත්ද්‍රව්‍ය හිරනින් අල්ලයි

කෝටි 2 කට අධික මත්ද්‍රව්‍ය හිරනින් අල්ලයි

රුපියල් කෝටියකට අධික වටිනා හශිශ් මත්ද්‍රව්‍ය සමග හිරන පොලිසිය පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා සන්තකයේ තිබී හශිශ් කිලෝ ග්‍රෑම් 1 ක් සොයාගත් බවයි.

පුද්ගලයකු මත්ද්‍රව්‍ය රැගෙන හිරන ඒජන්ත වංගුව ප්‍රදේශයට පැමිණෙන බවට හිරන පොලිසිට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරු මීට මාස දෙකකට පමණ ඉහතදී එම ප්‍රදේශයේ නිවසකට ගල්කිස්ස ප්‍රදේශයේ සිට කුලී පදනම මත පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

Share This