
කෝටි 2 ක කුඩු ගම්පහින් සහ හෝමාගමින් අල්ලයි
කෝටි 2 කට අධික මත්කුඩු සමඟ ප්‍රදේශ 2 කදී අඹුසැමි යුවළ දෙකක් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන එක් අඹුසැමි යුවළක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගම්පහ ප්‍රදේශයේදීයි.
ඔවුන් සන්තකයේ තිබී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබෙනවා.
මේ අතර මීගොඩ පොලිසිය හෝමාගම ප්‍රදේශයේ නිවසක තිබී තවත් රුපියල් කෝටියක පමණ මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ද අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.