කෝටි 20 කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා සැකකරු ග්‍රෑන්ඩ්පාස් හීදී අත්අඩංගුවට

කෝටි 20 කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා සැකකරු ග්‍රෑන්ඩ්පාස් හීදී අත්අඩංගුවට

රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසළ තිබී සොයාගෙන තිබෙනවා.

අත්හැර  දමාතිබූ ගමන් මල්ලක් තුළ තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්තව සේවය කරන ” මැක්ස් ” (Max ) නැමති නිල සුනඛයා විසින්.

පසුව ඊයේ (06) සවස , එම ගමන් මල්ල රැගෙන ආ ගුවන් මගියා ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පැවසුවේ මෙම මත්ද්‍රව්‍යය තොගය සමග වූ ගමන් මල්ල ඊයේ උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබූ බවයි.

මෙම ගමන් මල්ලේ හිමිකරු ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත් අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රැදී සිටියදීයි.

මෙම ගමන් මල්ල තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 යි ග්‍රෑම් 900 ක් ඇසුරුම් 19 ක් ලෙස සකස් කර සගවා මෙරටට රැගෙනවිත් තිබුණා.

 

Share This